ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 22 වන තරගය ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී අද (28) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 154ක් රැස්කරන ලදී. Kusal Perera හා Charith Asalanka ලකුණු 35 බැගින්ද Bhanuka Rajapaksa නොදැවී ලකුණු 33ක්ද රැස්කරන ලදී. පන්දුවාර 9.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 78ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසු වුවත් Charith Asalanka දැවීයාමත් සමග මැද පෙළ නැවත අසාර්ථක වෙමින් ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කරන ලදී.
පන්දු යැවීමේදී Adam Zampa,Pat Cummins හා Mitchell Starc කඩුලු 2ක බැගින් දවා ගන්නාලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානුවන් මුලසිටම තරගය තමන් දෙසට නතුකරගනිමින් ශ්‍රී ලංකික පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කරන ලදී. පළමු පන්දුවාර 6 තුලදී ලකුණු 64ක් ලබාගත්හ. දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි David Warner ලකුණු 18දී ලබාදුන් පහසු උඩපන්දුව Kusal Perera රැක නොගැනීම තරගයේ හැරවුම් ලක්ෂයක් විය. David Warner ලකුණු 65 ක්ද Aaron Finch 37ක්ද ලබාගත්හ.
පන්දු යැවීමේදී Wanindu Hasaranga කඩුලු 2ක් හා Dasun Shanaka එක් කඩුල්ලක් බිදහෙළිය. තරගයේ වීරයා Adam Zampa

Related posts

Leave a Comment