ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක පහසු ජයක්

ලෝක කුසලාන තරගාවලියේ 13 වන තරගය ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අබුඩාබි හිදී අද (23) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක Aaron Finch මුලින්ම පන්දුවට පහරදීමටදකුණු අප්‍රිකාවට ආරාධනා කිරීමෙන් අනතුරුව කි සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී දැවී ලකුණු 118ක් ලබාගත්හ.Aiden Markram ලකුණු 40ක් ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී Adam Zampa,Josh Hazlewood හා Mitchell Starc කඩුලු 2 බැගින් බිදහෙලීය. පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු වන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී…

Read More

ශ්‍රී ලංකාවට පහසු ජයක්

සුදුසුකම් ලැබීමේ වටයේ 12 වන හා අවසන් තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සාජා හිදී අද (22) පැවැත්වූ අතර කාසියේ වාසිය දිනු දසුන් ශානක මුලින්ම පන්දු රැකීමට තීරණය කිරීමෙන් අනතුරුව පන්දුවාර 20 අවසානයේ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට සිමා කිරීමට සමත්විය. මෙය 20-20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් ලබාගත් දෙවන අඩුම ලකුණු ප්‍රමාණය ලෙස ඉතිහාස ගතවිය. මීට පෙර 2014 තරගවාරයේදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. පිතිකරණයේදී Colin Ackermann පමණක් ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්විය ඔහු ලකුණු 11ක් ලබාගත්හ. පන්දු යැවීමේදී Lahiru Kumara හා Wanindu Hasaranga කඩුලු 3 බැගින්ද…

Read More

නැමීබියාව ඉතිහාසය වෙනස් කරයි

සුදුසුකම් ලැබීමේ වටයේ 11 වන තරගය නැමීබියාව හා අයර්ලන්තය අතර සාජා හිදී අද (22) පැවැත්වූ අතර ජය ගන්නා කණ්ඩායම සුපිරි 12 ට සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. කාසියේ වාසිය දිනු අයර්ලන්ත නායක Andy Balbirnie මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබාගත්හ.Paul Stirling ලකුණු 38ක්ද Kevin O’Brien ලකුණු 25ක්ද ලබාගත්හ. පන්දු යැවීමේදී Jan Frylinck කඩුලු 3ක්ද David Wiese කඩුලු 2ක්ද බිදහෙලිය. පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ නැමීබියාව පන්දුවාර 18.3 අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී කඩඉම පහසුවෙන් පසුකරන ලදී. නායක Gerhard Erasmus නොදැවී ලකුණු 53 ක්ද…

Read More

ස්කොට්ලන්තය අපරාජිතව ඉදිරියට.

සුදුසුකම් ලැබීමේ වටයේ 10 වන තරගය ස්කොට්ලන්තය හා සත්කාරක ඕමානය අතර අල් අමිරාට් හිදී අද (21) පැවැත්වූ අතර ජය ගන්නා කණ්ඩායම සුපිරි 12 ට සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. කාසියේ වාසිය දිනු ඕමාන් නායක Zeeshan Maqsood මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 122ක් ලබාගත්හ.Aqib Ilyas ලකුණු 37ක්ද නායක Zeeshan Maqsood ලකුණු 34ක්ද ලබාගත්හ. පන්දු යැවීමේදී Josh Davey කඩුලු 3ක්ද Safyaan Sharif හා Michael Leask කඩුලු 2 බැගින් ලබාගත්හ. පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ස්කොට්ලන්තය පන්දුවාර 17 අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී කඩඉම පහසුවෙන් පසුකරන ලදී.…

Read More

බංගලාදේශයත් සුපිරි 12 ට

සුදුසුකම් ලැබීමේ වටයේ 9 වන තරගය බංගලාදේශය හා පැපුවා නිවුගිනීයාව අතර අල් අමිරාට් හිදී අද (21) පැවැත්වූ අතර බංගලාදේශය ලකුණු 84ක විශිෂ්ට ජයක් ලබමින් සුපිරි 12 වටයේ තම ස්ථානය තහවුරු කරගත්හ. කාසියේ වාසිය දිනු බංගලාදේශ නායක Mahmudullah මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 181ක් ලබාගනිමින් අසීරු ඉලක්කයක් පැපුවා නිවුගිනීයාවට ලබා දුන්හ බංගලාදේශය වෙනුවෙන් Shakib Al Hasan ලකුණු 46ක් හා Mahmudullah වේගවත් ලකුණු 50ක් ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී Kabua Morea,Damien Ravu හා Assad Vala කඩුලු 2 බැගින් බිදහෙලුහ. පැපුවා නිවුගිනීයා කණ්ඩායමේ පන්දු රැකීම…

Read More

ශ්‍රී ලංකාව සුපිරි 12 ට සුදුසුකම් ලබයි

සුදුසුකම් ලැබීමේ වටයේ 8 වන තරගය ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර අබුඩාබි හිදී අද (20) පැවැත්වූ අතර අයර්ලන්තය ලකුණු 70කින් පරදවා 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12ට සුදුසුකම් ලැබීමට ශ්‍රීලංකාව සමත්විය. කාසිය වාසිය දිනු අයර්ලන්ත නායක Andy Balbirnie මුලින්ම පන්දු රැකීමට තීරණය කල අතර හොද ආරම්භයක් ලබාගනිමින් ප්‍රථම පන්දුවාර 2 ඇතුලත මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 8කට බිද හෙලමින් ශ්‍රී ලංකාවට ප්‍රබල පීඩනයක් එල්ල කරනලදී. Wanindu Hasaranga හා Pathum Nissanka එක්ව වාර්තාගත ලකුණු 123ක සබදතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ලකුණු 171ක් දක්වා ගෙනයාමට අඩිතාලම දමනලදී. Wanindu (71) හා Pathum(61) යන දෙදෙනාම තමන්ගේ…

Read More

නැමීබියාවට පෙරළිකාර ජයක්

සුදුසුකම් ලැබීමේ වටයේ 7 වන තරගය නැමීබියාව හා නෙදර්ලන්තය අතර අබුඩාබි හිදී අද (20) පැවැත්වූ අතර නෙදර්ලන්තය කඩුලු 6කින් පරදවා 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ජය වර්තාකරනලදී. කාසිය වාසිය දිනු නැමීබියා නායක Gerhard Erasmus මුලින්ම පන්දු රැකීමට තීරණය කල අතර නෙදර්ලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 164ක් ලබාගනිමින් හොද අභියෝගයක් නැමීබියාවට ලබාදෙන ලදී. නෙදර්ලන්තය වෙනුවෙන් Max O’Dowd ලකුණු 70ක් ලබාගතහ. පන්දු යැවීමේදී Jan Frylinck ලකුණු 36කට කඩුලු 2ක් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නැමීබියාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 166ක් ලබාගනිමින් නෙදර්ලන්තයේ සුපිරි 12ට සුදුසුකම් ලබාගැනීමේ සිහිනය තවත්…

Read More

ලොව භයානකම ගුවන් තොටුපල – ලූක්ලා

නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපල ලෙස හැඳින්වෙන ටෙන්සිං – හිලරි ගුවන් තොටුපල  දැනට ලොව භයානකම ගුවන් තොටුපල ලෙස හදුන්වයි. ලොව උසම කන්ද වන එවරස් තරණය සදහා වාර්ෂිකව විශාල පිරිසක් පැමිණේ. එවරස්ට් තරණය කරන කණ්ඩායම් මුලින්ම මෙම ත්‍රාසයජනක ගුවන් ගමනට එක්වේ.කඳු නගින්නන් එම ප්‍රදේශයට යාමට වඩාත්ම පහසු  ක්‍රමය නම් මුහුදු මට්ටමේ සිට අඩි 9,383 ක් ඉහළින් පිහිටි හිමාලයානු කුඩා ජනාවාසයට පියාසර කිරීමයි.මෙම ප්‍රදේශයට යාමට විවිධ විකල්ප ක්‍රම තිබුනද ඒවා අතිරේක දින කිහිපයක් වැයවන ක්‍රම බැවින් බොහෝදෙනා මෙම ත්‍රාසයජනක අත්දැකීම ලබාගැනීමට පෙළබේ. සෑම දිනකම කත්මන්ඩු හා ලුක්ලා අතර ගුවන් ගමන් කිහිපයක් සිදුකරන අතර…

Read More

බංගලාදේශය සටන අත්නොහරී.

සුදුසුකම් ලැබීමේ වටයේ 6 වන තරගය බංගලාදේශය හා ඕමානය අතර අද (19) එක්සත් අරාබි එමීර් හිදී පවතී අතර ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ ක්‍රීඩකයන් සමත්විය. මෙම තරගය බංගලාදේශයට තම ගෞරවය රැකගැනීම සදහා අනිවාර්යෙන් ජයග්‍රහණය කළයුතුව තිබුණි. කාසිය වාසිය දිනු බංගලාදේශ නායක Mahmudullah මුලින් පන්දුවට පහරදුන් අතර සිය පන්දුවාර 20 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 153ක් ලබාගත්හ.Mohammad Naim ලකුණු 64ක් හා Shakib Al Hasan වේගවත් ලකුණු 42ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කරන ලදී. පන්දු යැවීමේදී Bilal Khan හා Fayyaz Butt කඩුලු 3 බැගින් බිද හෙලන ලදී. පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ ඕමානය පන්දුවාර 20…

Read More

ස්කොට්ලන්තය B කාණ්ඩයේ පෙරමුණට .

සුදුසුකම් ලැබීමේ වටයේ 5 වන තරගය ස්කොට්ලන්තය හා පැපුවා නිව් ගිනීයාව අතර අද (19) එක්සත් අරාබි එමීර් හිදී පවතී අතර ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් සමත්විය. කාසිය වාසිය දිනු ස්කොට්ලන්ත නායක Kyle Coetzer මුලින් පන්දුවට පහරදුන් අතර සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 165ක් ලබාගත්හ.Richie Berrington ලකුණු 70ක් හා Matthew Cross ලකුණු 45ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කරන ලදී. පන්දු යැවීමේදී Kabua Morea කඩුලු 4ක් ද Chad Soper කඩුලු 3ක්ද බිදහෙලමින් දක්ෂතා දක්වනලදී. පිළිතුරු ඉනිම් ක්‍රීඩාකළ පැපුවා නිව් ගිනීයාව පන්දුවාර 19.3 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 148ක් රැස්කරගන්නා…

Read More