ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක කුසලාන තරගාවලියේ 29 වන තරගය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර සාජා හිදී අද (01) පැවැත්වීය. සුපිරි 12හි 1 වන කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. අ අනුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් මෙල්ල කර තබා ගැනීමට ශ්‍රීලංකා පන්දු යවන්නන් ආරම්භ දී සමත් විය. පළමු පන්දුවාර 10 අවසානයේදී ලකුණු 47 කට කඩුලු 3 දැවී අසීරු තත්වයකට පත්ව තිබියදී පිටියේ එක්වූ නායක Eoin Morgan හා Jos Buttler අවසාන පන්දුවාර 10 දී ලකුණු 116ක් ලබාගනිමින් වැටි තිබුණු එංගලන්ත ඉනිම ගොඩනගන ලදී සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස්කරන ලදී. විශිෂ්ට පිතිකරණයක නියැලු Jos Buttler නොදැවී ලකුණු 101යි නායක Eoin Morgan ලකුණු 40යි.
පන්දු යැවීමේදී Wanindu Hasaranga හා Maheesh Theekshana හැරුණු පසු අනිත් පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්විය. Wanindu Hasaranga කඩුලු 3ක් හා Dushmantha Chameera එක් කඩුල්ලක් බිද හෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 137 Wanindu Hasaranga ලකුණු 34යි. Kusal Perera හා Avishka Fernando මෙම තරගයේදීද අසාර්ථක විය මේ අනුව එංගලන්තය ලකුණු 26කින් ජයග්‍රහණය කරනලදී. පන්දු යැවීමේදී Adil Rashid,Moeen Ali හා Chris Jordan කඩුලු 2 බැගින් බිදහෙළිය. මෙම ජයත් සමග එංගලන්තය ප්‍රසාද ලකුණු 8ක් ලබාගනිමින් 1 වන කාණ්ඩයෙන් ඉදිරියෙන් සිටි. පිට පිට ලැබූ 3 වන පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සිහින බිද වැටිණි.
තරගයේ වීරයා Jos Buttler

Related posts

Leave a Comment