රෝහිත් ෂර්මා නායකත්වයට

නැමිබියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් පසු ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වුණි. 2017දී පළමු වරට ඉන්දීය 20-20 කණ්ඩායම මෙහෙයවූ විරාත් කෝලි මේ දක්වා තරග 50කදී ඉන්දීය 20-20 කණ්ඩායමට නායකත්වය ලබාදී ඉන් තරග 30ක්ම ජය ලබා තිබේ.කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම පරාජය වී ඇත්තේ 20-20 ජාත්‍යන්තර තරග 16ක් පමණි. මෙම ඉවත්වීමත් සමගම නව නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කර තිබේ. නවසීලන්තය සමග එළඹෙන 17 වනදා ආරම්භවීමට නියමිත 20-20 තරගාවලියේදී ඔහු ප්‍රථම වරට නිත්‍ය නායකයා ලෙස ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
තරග 3කින් යුතු මෙම 20-20 තරගාවලියට හිටපු නායක විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා සහ හර්දික් පාණ්ඩ්‍යා නම් කර නොමැත.

Related posts

Leave a Comment