නවසීලන්තය අවසන් මහා තරගයට

2021 20-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (10) අබුඩාබි හිදී එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්විණි.
කාසියේ වාසිය දිනු නවසීලන්ත නායක Kane Williamson පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදී. මේ අනුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබාගන්නා ලදී. Moeen Ali නොදැවී ලකුණු 51ක් හා Dawid Malan ලකුණු 41ක් ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී Tim Southee,Adam Milne,Ish Sodhi හා James Neesham එක කඩුල්ල බැගින් බිදහෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්විය. ලකුණු 13ක් තිබියදී Martin Guptill හා නායක Kane Williamson ක්‍රීඩාගාරයට යැවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය. Devon Conway හා Daryl Mitchell එක්ව 3වන කඩුල්ලට වටිනා ලකුණු 82ක සබදතාවක් ගොඩනගන ලදී. Liam Livingstone යැවූ 16 වන පන්දුවාරය තරගය එංගලන්තය දෙසට දෝලනය කරන ලදී. එම පන්දුවාරයේදී ලකුණු 3 කට කඩුල්ලක් දවාගැනීමට ඔහු සමත්විය. 5 වන කඩුල්ල වෙනුවෙන් Daryl Mitchell සමග පිටියේ එක්වූ James Neesham තරගය නැවතත් නවසීලන්තය දෙසට නතුකරන ලදී.James Neesham පන්දු 11 කදී වේගවත් ලකුණු 27ක් එක්කරන ලදී. විශිෂ්ට පිතිකරණයක නියැලුණු Daryl Mitchell පන්දු 47 කදී නොදැවී ලකුණු 72යි. නවසීලන්තය එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී කඩඉම පසුකරන ලදී. මේ ඔවුන් 20-20 ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාවයි.
තරගයේ වීරයා Daryl Mitchell

Related posts

Leave a Comment