අපරාජිත පකිස්ථානුවන් ඕස්ට්‍රේලියාවට පරදී

2021 20-20 ලෝක කුසලානයේ 2 වන අර්ධ අවසාන පුර්ව තරගය අද ඩුබායි හිදී පැවැත්වූ අතර තරගාවලිය පුරා අපරාජිතව සිටි පකිස්ථානය ඕස්ට්‍රේලියාව හුමුවේ කඩුලු 5කින් පරාජයට පත්වන ලදී. කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පකිස්ථානුවන්ට ආරාධනා කරන ලදී. සාර්ථක තරගයට අවතිරනවූ පකිස්තානු ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවක් ගොඩනගන ලදී.ලැබුණු හොද ආරම්භයත් සමග වේගවත් අවසානයක් කරා පිවිසි ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 176ක් රැස්කරන ලදී. Mohammad Rizwan ලකුණු 67 වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ Fakhar Zaman පන්දු 32 කදී නොදැවී ලකුණු 55යි. පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 2ක් බිදහෙලන ලදී.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු නායකයා ලකුණු නොලබා ප්‍රථම පන්දුවෙන්ම දවා ගැනීමට Shaheen Shah Afridi සමත්විය. ඉන්පසු David Warner හා Mitchell Marsh සෙමින් ඉනිම ගොඩනැගු අතර Shadab Khan විසින් Mitchell Marsh ලකුණු 28 කට දවා ගන්නා ලදී. ඉන්පසු ඕස්ට්‍රේලියානු ඉනිම තරමක් පසුබෑමකට ලක්වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරතවූ Shadab Khan විසින් සිය පන්දුවාර 4 තුලදී එක පන්දුවාරයකට එක කඩුල්ල බැගින් කඩුලු 4ක් බිදහෙළිය. අවසන් පන්දුවාර 5 තුලදී ජයග්‍රහණය සදහා ලකුණු 62ක් ලබාගැනීමට තිබු අතර එම ඉලක්කය පන්දුවාර 4කදී ලබාගැනීමට Marcus Stoinis හා Matthew Wade සමත්විය. 19 වන පන්දුවාරයේ 3 වන පන්දුවේදී Hasan Ali විසින් Matthew Wade ගේ උඩපන්දුව ගිලිහී යාමත් සමග තරගය ඕස්ට්‍රේලියාව දෙසට දෝලනය විය. එම පන්දුවාරයේ ඉතිරි පන්දු 3 ට 6 පහර 3ක් එල්ල කල Matthew Wade ඕස්ට්‍රේලියාව අවසන් තරගය කරා රැගෙන යන ලදී.
Matthew Wade පන්දු 17 කදී නොදැවී ලකුණු 41යි Marcus Stoinis නොදැවී ලකුණු 40ක් හා David Warner ලකුණු 49ක් රැස්කරන ලදී.


මේ අනුව 14 වෙනිදා ඩුබායි හිදී නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අවසන් තරගයට මුහුණ දෙනු ඇත.
තරගයේ වීරයා Matthew Wade

Related posts

Leave a Comment