2021 20-20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රටවල් 16ක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් හා ඕමානයේ සත්කාරකත්වයෙන් දින 29ක් පුරා පැවති 7 වන 20-20 ලෝකකුසලනයේ අවසන් මහා තරගය අද (14) ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඩුබායි හිදී පැවැත්විණි.
කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව පිටියට පැමිණි නවසිලන්ත පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 172ක් ලබාගන්නා ලදී විශිෂ්ට පිති හරබයක නිරතවූ නවසිලන්ත නායක Kane Williamson පන්දු 48 කදී ලකුණු 85ක් රැස්කරන ලදී.පන්දු යැවීමේදී Josh Hazlewood ලකුණු 16 කට කඩුලු 3ක් බිදහෙළිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් මුලසිටම තරගය තමන් වෙතට නතුකරගනිමින් ආක්‍රමණශීලි පිතිකරණයක නියැලිනි.නවසිලන්ත පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක ලබා නොදුන් ඔවුන් පන්දුවාර 18.5 කදී කඩුලු 2ක් පමණක් දැවී තම ප්‍රථම 20-20 ලෝක කුසලානය දිනාගන්නා ලදී. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් David Warner ලකුණු 55ක් හා Mitchell Marsh නොදැවී ලකුණු 77ක් රැස්කරන ලදී.ඔහු තම අර්ධ ශතකය පන්දු 31ක් වාර්තාකළ අතර එය 20-20 ලෝක කුසලාන අවසන් තරගයකදී රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස වාර්තා වේ.
තරගයේ වීරයා Mitchell Marsh
තරගාවලියේ වීරයා David Warner

Related posts

Leave a Comment