සෝබස් – තිසේරා කුසලානය ශ්‍රී ලංකාවට


බටහිර ඉන්දීය කොදෙවුවන්  සමග  ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති  දෙවන ටෙස්ට් තරගය ලකුණු 164කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(03) සමත්විය.  ඒ  සමග තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගනිමින් සෝබස් – තිසේරා කුසලානය තමන් සතුකරගන්නා ලදී.

පස්වන දිනයට තරගය ආරම්භ කරනවිට  ලකුණු 328කට කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන සිය දෙවැනි ඉනිම නිමාකළේ තවත් ලකුණු 17ක් මුළු ලකුණු ගණනට එකතු කිරීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් සදහා ලකුණු 297 ඉලක්කයක් ලබාදෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්  දෙවන ඉනිම ලකුණු 132 කට සීමාවිය.කොදෙව් කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් විය.

පන්දු ඕවර 20.1ක් යැවූ ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවාහත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් න් Nkrumah Bonner ලකුණු 44යි.

මෙන්ඩිස් මෙම තරගයේදී පළමු ඉනිමේ කඩුලු 6ක් හා දෙවන ඉනිමේ කඩුලු 2ක් සමගින්  කඩුලු 11ක් දවාගැනීමට සමත්විණි.

 දෙවන ඉනිමේදී විශිෂ්ට පිතිකරණයක නියැළුණු ධනංජය ද සිල්වා නොදැවී 155යි.  9 වන කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය වාර්තාගත ලකුණු 124ක සබදතාවක් පවත්වා කොදෙව්වන සතුව තිබු තරගය ශ්‍රීලංකාව වෙතට නතුකරන ලදී.


මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 252කට දැවී ගියහ. ශ්‍රීලංකා දෙවන ඉනිම කඩුලු 9කට  ලකුණු 345යි  කොදෙව්වෝ  දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132යි.

තරගයේ වීරයා  ධනංජය ද සිල්වා 

තරගාවලියේ වීරයා රමේෂ් මෙන්ඩිස්

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ට පුර්ණ තරගාවලි ජයක් සමග නොමැකෙන සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්විය.

 අනුව ලෝක ටෙස්ට් ශුරතවයේ 100% ජයග්‍රාහී ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු 24ක් ලබාගනිමින් ශ්‍රීලංකාව පෙරමුණ ගැනීමට සමත්විය.

Related posts

Leave a Comment