Colombo Stars වැඩ අල්ලයි.

2021 LPL තරගාවලියේ 3 වන තරගය අද (6) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Colombo Stars හා
Galle Gladiators අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Galle Gladiators නායක Bhanuka Rajapaksa මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා නොගත් Galle Gladiators මුල්පෙළ ක්‍රීඩකයෝ ලකුණු 69 කට මුල් කඩුලු 6ම බිදවැටිණි.
පසුපෙළ යම් තරගයක් ලබාදුන් Isuru Udana වේගවත් ලකුණු 25ක් රැස්කරන ලදී. මේ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 116ක් රැස්කර ගත්හ. පන්දු යැවීමේදී Dhananjaya de Silva , Dushmantha Chameera හා Akila Dananjaya කඩුලු 2 බැගින් බිදහෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Colombo Stars මන්දගාමී තනතිල්ලේ ඉවසිලිවන්තව පන්දුවට පහරදෙමින් පන්දුවාර 17.3 අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකරන ලදී. Colombo Stars වෙනුවෙන් Dinesh Chandimal නොදැවී ලකුණු 25ක් හා Dhananjaya de Silva ලකුණු 24ක් රැස්කරන ලදී පන්දු යැවීමේදී Pulina Tharanga හා Nuwan Thushara කඩුලු 2 බැගින් බිදහෙළිය. මේ අනුව Colombo Stars කඩුලු 4ක් පහසු ජයක් වාර්තා කරන ලදී.
තරගයේ වීරයා Dhananjaya de Silva

Related posts

Leave a Comment