Salt ගෙන් සුපිරි ඉනිමක්

2021 LPL තරගාවලියේ 2 වන තරගය අද (6) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Dambulla Giants
හා Kandy Warriors අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. වේගවත් ආරම්භයක් ලබාගත් Dambulla ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 6 තුලදී කිසිවෙකු නොදැවී ලකුණු 74ක් ලබාගත්හ. Niroshan Dickwella හා Phil Salt පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් සබදතාවක් ගොඩ නගනලදී.සුපිරි පිතිකරණයක නියැලුණු Phil Salt 6 පහර 5ක් සමගින් පන්දු 27 කදී ලකුණු 64ක් රැස්කරන ලදී. Niroshan Dickwella ලකුණු 37යි. සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස්කර ගත්හ. පන්දු යැවීමේදී Lahiru Kumara ලකුණු 34ට කඩුලු 3ක් බිදහෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Kandy Warriors සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 170ක් රැස්කරන ලදී. Kandy Warriors වෙනුවෙන් Rovman Powell වේගවත් ලකුණු 42ක් රැස්කරන ලදී පන්දු යැවීමේදී Nuwan Pradeep හා Ramesh Mendis කඩුලු 3 බැගින් බිදහෙළිය. මේ අනුව Dambulla Giants ලකුණු 20ක් පහසු ජයක් වාර්තා කරන ලදී.
තරගයේ වීරයා Phil Salt

Related posts

Leave a Comment