ලහිරු ගාල්ලට ජය ගෙනෙයි

2021 LPL තරගාවලියේ 5 වන තරගය අද (7) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Kandy Warriors හා Galle Gladiators අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Galle Gladiators නායක Bhanuka Rajapaksa මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Galle Gladiators පන්දුයවන්නන් ඉඩලබා නොදුන් අතර Ahmed Shehzad හා Kamindu Mendis Kandy ඉනිම ගොඩනගන ලදී . මේ අනුව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 143ක් ලබාගත්හ. Kandy Warriors වෙනුවෙන් Ahmed Shehzad ලකුණු 56 ක් ද Kamindu Mendis ලකුණු 32ක්ද ලබාගත්හ. පන්දු යැවීමේදී Samit Patel කඩුලු 3ක් හා Dhananjaya Lakshan කඩුලු 2ක් බිදහෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Galle Gladiators සාර්ථක ආරම්බයක් ලබාගත්තද ලකුණු 80 සීමාවේදී එකලග කඩුලු 3ක් බිදවැටීමෙන් තරමක් පසුබෑමකට ලක්විය. අවසාන පන්දුවාර 3 තුලදී ලකුණු 30ක් ලබාගැනීමට ඉතිරිවිය Lahiru Madushanka හා Dhananjaya Lakshan ගේ වේගවත් පිතිකරණය හමුවේ පන්දුවාර 2.2 කදී එම ඉලක්කය පසුකරන ලදී. මේ අනුව Galle Gladiators පන්දුවාර 19.2 කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහි ඉලක්කය පසුකරන ලදී. Galle Gladiators වෙනුවෙන් Danushka Gunathilaka ලකුණු 45ක්ද Lahiru Madushanka නොදැවී ලකුණු 22ක් හා Bhanuka Rajapaksa ලකුණු 22ක් රැස්කරන ලදී. පන්දු යැවීමේදී Sachindu Colombage කඩුලු 3ක් බිදහෙළිය. මේ අනුව Galle Gladiators තරගාවලියේ 2වන ජයත් වාර්තාකරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙන් සිටි.
තරගයේ වීරයා Dhananjaya Lakshan

Related posts

Leave a Comment