Jaffna Kings ප්‍රථම ජය වාර්තා කරයි

2021 LPL තරගාවලියේ 4 වන තරගය අද (7) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Jaffna Kings හා
Dambulla Giants අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Dambulla Giants පන්දුයවන්නන් ඉඩලබා නොදුන් අතර එක ලග කඩුලු බිදවැටීම නිසා Dambulla Giants අඩු ලකුණු ලබාගැනීමේ වේගයක් රදවා ගත බව පෙනිණි . මේ අනුව පන්දුවාර 19.3 අවසානයේදී ලකුණු 110 කට Dambulla Giants ඉනිම සීමාවිය. Dambulla Giants වෙනුවෙන් Nuwanidu Fernando ලකුණු 23 ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සිමාව පසු නොකරනලදී. පන්දු යැවීමේදී Maheesh Theekshana හා Wanindu Hasaranga කඩුලු 3 බැගින් බිදහෙළිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Jaffna Kings වේගවත් ප්‍රති ප්‍රහාරයක් දියත් කරමින් පන්දුවාර 12.3 අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකරන ලදී. Jaffna Kings වෙනුවෙන් Tom Kohler-Cadmore නොදැවී ලකුණු 45ක් හා Avishka Fernando ලකුණු 33ක් රැස්කරන ලදී පන්දු යැවීමේදී Nuwan Pradeep හා Imran Tahir කඩුලු 1 බැගින් බිදහෙළිය. මේ අනුව Jaffna Kings කඩුලු 8ක් පහසු ජයක් වාර්තා කරන ලදී.
තරගයේ වීරයා Maheesh Theekshana

Related posts

Leave a Comment