Dambulla ට විශිෂ්ට ජයක්

2021 LPL තරගාවලියේ 6 වන තරගය අද (8) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Colombo Stars හා
Dambulla Giants අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.
ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරබයක නිරතවූ Dambulla Giants පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැසකරගන්නා ලදී.Dambulla Giants වෙනුවෙන් Phil Salt ලකුණු 62ක් හා Najibullah Zadran ලකුණු 54ක්
ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී Dushmantha Chameera කඩුලු 3ක් බිදහෙළිය.

ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි Colombo ක්‍රීඩකයෝ පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 177ක් රැස්කරන ලදී. Colombo Stars වෙනුවෙන් Dinesh Chandimal ලකුණු 26ක් හා Dhananjaya de Silva ලකුණු 21ක් රැස්කරන ලදී. පන්දු යැවීමේදී Nuwan Pradeep කඩුලු 3ක් ද Imran Tahir,Chamika Karunaratne හා Tharindu Ratnayake කඩුලු 2 බැගින්ද බිදහෙළිය. මේ අනුව Dambulla Giants ලකුණු 18ක පහසු ජයක් වාර්තා කරන ලදී.
තරගයේ වීරයා Phil Salt

Related posts

Leave a Comment