R ප්‍රේමදාස පිටියට 6 වැස්සක්

2021 LPL තරගාවලියේ 7 වන තරගය අද (8) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Jaffna Kings හා
Kandy Warriors අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Kandy Warriors නායක Angelo Perera මුලින්ම පන්දුරැකීමට තීරණය කරන ලදී.
තරමක් මන්දගාමී ආරම්භයක් ලබාගත් Jaffna Kings පිතිකරුවෝ පන්දුවාර 5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබසිටියහ. පිටියට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමග තරගය පන්දුවාර 14කට සිමා කිරීමට තීරණය කරන ලදී. වර්ෂාවෙන් පසු වේගවත් පිතිහරබයක නිරතවු Avishka Fernando හා Thisara Perera 3වන කඩුල්ලට ලකුණු 105ක් සබදතාවක් එක්කරන ලදී. පන්දු 33 කදී ගොඩනගන ලද මෙමෙ සබදතාව LPL ඉතිහාසයේ වේගවත්ම ශතක සබදතාව ලෙස වාර්තාවිය. Tillakaratne Sampath යොමුකළ පන්දුවාරයේදී 6 පහර 5ක් සමගින් ලකුණු 31ක් රැස්කිරීමට Jaffna ක්‍රීඩකයෝ සමත්විය. මෙම පන්දුවාරය LPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පන්දුවාරය ලෙස ඉතිහාසගතවිය. සිය පන්දුවාර 14 අවසානයේ Jaffna Kings කඩුලු 6ක් දැවී ලකුණු 181යි, Avishka Fernando හා Thisara Perera ලකුණු 53 බැගින් රැස්කරන ලදී. පන්දු යැවීමේදී සාර්ථකවූ එකම පන්දුයවන්නා Shiraz Ahmed වන අතර ඔහු පන්දුවාර 3 කදී ලකුණු 22 කට කඩුලු 3ක් බිදහෙළිය. අනිත් සියලුම පන්දුයවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්විය.

ලකුණු 182 ක දැවැන්ත ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි Kandy Warriors ක්‍රීඩකයෝ සිය පන්දුවාර 14 අවසානයේදී කඩුලු 5ක් දැවී දැවී ලකුණු 166ක් රැස්කරන ලදී. Kandy Warriors වෙනුවෙන් Rovman Powell පන්දු 19කදී වේගවත් ලකුණු 69ක් රැස්කරන ලදී. Charith Asalanka පන්දු 19 කදී ලකුණූ 42යි. පන්දු යැවීමේදී Jayden Seales කඩුලු 2ක් ද Chaturanga de Silva හා Suranga Lakmal කඩුලු 1 බැගින්ද බිදහෙළිය. මේ අනුව Jaffna Kings ලකුණු 14ක ජයක් වාර්තා කරන ලදී. තරගය පුරා 6 පහර 27ක් එල්ලකර තිබීම සුවිශේෂී සිද්දියකි. මෙම පරාජයත් සමග Kandy Warriors ප්‍රසාද ලකුණු නොලබා සටහනේ පහළින්ම සිටි.
තරගයේ වීරයා Suranga Lakmal

Related posts

Leave a Comment