Blog

පාකිස්ථානයේ තවත් ම්ලේච්ඡ පහරදීමක්

කාන්තාවන් සිවු දෙනෙකුට නිරුවත්කර පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වීමත් සමගම පාකිස්ථානය නැවතත් ලෝක මාධ්‍ය තුල කතාබහට ලක්විය. වෙළදසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම කාන්තාවන් නිරුවත් කර අමානුෂිකව පහරදීමේ සිද්ධිය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ Faisalabad හින් වාර්තාවේ. පන්ජාබ් පොලිස් ප්‍රධානියා පවසා සිටියේ මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. වධ හිංසාවට පත්වූ කාන්තාවක් පවසා ඇත්තේ තමන් [කසල එකතුකිරීමට Faisalabad හි Bawa Chak market එකට ගියබවත් ඇතිවූ පිපාසය නිසා වතුර බෝතලයක් මිලදීගැනීමට Usman Electric Store වෙත ගිය අවස්ථාවේදී එහි හිමිකරු හා තවත් කිහිපදෙනෙක් තමන් ඇතුළු…

Read More

R ප්‍රේමදාස පිටියට 6 වැස්සක්

2021 LPL තරගාවලියේ 7 වන තරගය අද (8) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Jaffna Kings හා Kandy Warriors අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Kandy Warriors නායක Angelo Perera මුලින්ම පන්දුරැකීමට තීරණය කරන ලදී. තරමක් මන්දගාමී ආරම්භයක් ලබාගත් Jaffna Kings පිතිකරුවෝ පන්දුවාර 5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබසිටියහ. පිටියට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමග තරගය පන්දුවාර 14කට සිමා කිරීමට තීරණය කරන ලදී. වර්ෂාවෙන් පසු වේගවත් පිතිහරබයක නිරතවු Avishka Fernando හා Thisara Perera 3වන කඩුල්ලට ලකුණු 105ක් සබදතාවක් එක්කරන ලදී. පන්දු 33 කදී ගොඩනගන ලද මෙමෙ සබදතාව LPL ඉතිහාසයේ වේගවත්ම ශතක…

Read More

Dambulla ට විශිෂ්ට ජයක්

2021 LPL තරගාවලියේ 6 වන තරගය අද (8) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Colombo Stars හා Dambulla Giants අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරබයක නිරතවූ Dambulla Giants පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැසකරගන්නා ලදී.Dambulla Giants වෙනුවෙන් Phil Salt ලකුණු 62ක් හා Najibullah Zadran ලකුණු 54ක් ලබාගන්නා ලදී. පන්දු යැවීමේදී Dushmantha Chameera කඩුලු 3ක් බිදහෙළිය. ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් හබා යැමට පිටියට පිවිසි Colombo ක්‍රීඩකයෝ පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 177ක්…

Read More

ලහිරු ගාල්ලට ජය ගෙනෙයි

2021 LPL තරගාවලියේ 5 වන තරගය අද (7) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Kandy Warriors හා Galle Gladiators අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Galle Gladiators නායක Bhanuka Rajapaksa මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Galle Gladiators පන්දුයවන්නන් ඉඩලබා නොදුන් අතර Ahmed Shehzad හා Kamindu Mendis Kandy ඉනිම ගොඩනගන ලදී . මේ අනුව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 143ක් ලබාගත්හ. Kandy Warriors වෙනුවෙන් Ahmed Shehzad ලකුණු 56 ක් ද Kamindu Mendis ලකුණු 32ක්ද ලබාගත්හ. පන්දු යැවීමේදී Samit Patel කඩුලු 3ක් හා Dhananjaya Lakshan කඩුලු 2ක් බිදහෙළිය.…

Read More

Jaffna Kings ප්‍රථම ජය වාර්තා කරයි

2021 LPL තරගාවලියේ 4 වන තරගය අද (7) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Jaffna Kings හා Dambulla Giants අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Dambulla Giants පන්දුයවන්නන් ඉඩලබා නොදුන් අතර එක ලග කඩුලු බිදවැටීම නිසා Dambulla Giants අඩු ලකුණු ලබාගැනීමේ වේගයක් රදවා ගත බව පෙනිණි . මේ අනුව පන්දුවාර 19.3 අවසානයේදී ලකුණු 110 කට Dambulla Giants ඉනිම සීමාවිය. Dambulla Giants වෙනුවෙන් Nuwanidu Fernando ලකුණු 23 ලබාගත් අතර අන් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සිමාව පසු නොකරනලදී. පන්දු යැවීමේදී…

Read More

Colombo Stars වැඩ අල්ලයි.

2021 LPL තරගාවලියේ 3 වන තරගය අද (6) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Colombo Stars හා Galle Gladiators අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Galle Gladiators නායක Bhanuka Rajapaksa මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. සාර්ථක ආරම්භයක් ලබා නොගත් Galle Gladiators මුල්පෙළ ක්‍රීඩකයෝ ලකුණු 69 කට මුල් කඩුලු 6ම බිදවැටිණි. පසුපෙළ යම් තරගයක් ලබාදුන් Isuru Udana වේගවත් ලකුණු 25ක් රැස්කරන ලදී. මේ අනුව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 116ක් රැස්කර ගත්හ. පන්දු යැවීමේදී Dhananjaya de Silva , Dushmantha Chameera හා Akila Dananjaya කඩුලු 2 බැගින් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ…

Read More

Salt ගෙන් සුපිරි ඉනිමක්

2021 LPL තරගාවලියේ 2 වන තරගය අද (6) R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී Dambulla Giants හා Kandy Warriors අතර පැවැත්විණි. කාසියේ වාසිය දිනු Dambulla Giants නායක Dasun Shanaka මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. වේගවත් ආරම්භයක් ලබාගත් Dambulla ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 6 තුලදී කිසිවෙකු නොදැවී ලකුණු 74ක් ලබාගත්හ. Niroshan Dickwella හා Phil Salt පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් සබදතාවක් ගොඩ නගනලදී.සුපිරි පිතිකරණයක නියැලුණු Phil Salt 6 පහර 5ක් සමගින් පන්දු 27 කදී ලකුණු 64ක් රැස්කරන ලදී. Niroshan Dickwella ලකුණු 37යි. සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස්කර ගත්හ.…

Read More

LPL ඇරබේ.

2වන LPL තරගාවලිය අරබමින් ප්‍රථම තරගය පසුගිය ගියවර ශුරයින්වූ Jaffna Kings හා අනු ශුරයින් වූ Galle Gladiators අතර R ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්විණි. කාසිය වාසිය දිනු Galle Gladiators නායක Bhanuka Rajapaksa මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. තරග තහනමකට ලක්වී සිටින Danushka Gunathilaka හා Kusal Mendis Galle Gladiators කණ්ඩායමට ක්‍රීඩා කිරීම විශේෂ සිද්දියක් ලෙස දැකිය හැකිවිය. සිය පන්දුවාර 20 අවසානයේදී Galle Gladiators කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 164යි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ Bhanuka Rajapaksa පන්දු 31 කදී ලකුණු 56යි. Samit Patel 42යි පන්දු යැවීමේදී Jayden Seales කඩුලු 3ක් හා Wanindu Hasaranga…

Read More

සෝබස් – තිසේරා කුසලානය ශ්‍රී ලංකාවට

  බටහිර ඉන්දීය කොදෙවුවන්  සමග  ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති  දෙවන ටෙස්ට් තරගය ලකුණු 164කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(03) සමත්විය.  ඒ  සමග තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගනිමින් සෝබස් – තිසේරා කුසලානය තමන් සතුකරගන්නා ලදී. පස්වන දිනයට තරගය ආරම්භ කරනවිට  ලකුණු 328කට කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන සිය දෙවැනි ඉනිම නිමාකළේ තවත් ලකුණු 17ක් මුළු ලකුණු ගණනට එකතු කිරීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් සදහා ලකුණු 297 ඉලක්කයක් ලබාදෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්  දෙවන ඉනිම…

Read More

2021 20-20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

රටවල් 16ක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් හා ඕමානයේ සත්කාරකත්වයෙන් දින 29ක් පුරා පැවති 7 වන 20-20 ලෝකකුසලනයේ අවසන් මහා තරගය අද (14) ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඩුබායි හිදී පැවැත්විණි. කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියා නායක Aaron Finch මුලින්ම පන්දු රැකීමට තීරණය කරන ලදී. ඒ අනුව පිටියට පැමිණි නවසිලන්ත පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 172ක් ලබාගන්නා ලදී විශිෂ්ට පිති හරබයක නිරතවූ නවසිලන්ත නායක Kane Williamson පන්දු 48 කදී ලකුණු 85ක් රැස්කරන ලදී.පන්දු යැවීමේදී Josh Hazlewood ලකුණු 16 කට කඩුලු 3ක් බිදහෙළිය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් මුලසිටම තරගය තමන් වෙතට නතුකරගනිමින්…

Read More