පාකිස්ථානයේ තවත් ම්ලේච්ඡ පහරදීමක්

කාන්තාවන් සිවු දෙනෙකුට නිරුවත්කර පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වීමත් සමගම පාකිස්ථානය නැවතත් ලෝක මාධ්‍ය තුල කතාබහට ලක්විය. වෙළදසැළකින් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම කාන්තාවන් නිරුවත් කර අමානුෂිකව පහරදීමේ සිද්ධිය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ Faisalabad හින් වාර්තාවේ. පන්ජාබ් පොලිස් ප්‍රධානියා පවසා සිටියේ මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳසැළේ හිමිකරු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. වධ හිංසාවට පත්වූ කාන්තාවක් පවසා ඇත්තේ තමන් [කසල එකතුකිරීමට Faisalabad හි Bawa Chak market එකට ගියබවත් ඇතිවූ පිපාසය නිසා වතුර බෝතලයක් මිලදීගැනීමට Usman Electric Store වෙත ගිය අවස්ථාවේදී එහි හිමිකරු හා තවත් කිහිපදෙනෙක් තමන් ඇතුළු…

Read More

කොරෝනා සුව කරන්න ඖෂධ කරලක්

රෝග ලක්ෂණ සහිත Covid රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද ලොව පළමු ඖෂධ කරලට එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය විසින්අනුමැතිය ලබාදී ඇත. Merck, Sharp and Dohme (MSD) සහ Ridgeback Biotherapeutics යන එක්සත් ජනපද ඖෂධ සමාගම් විසින් නිපදවන ලද Molnupiravir කොවිඩ් සඳහා වන පළමු ප්‍රතිවෛරස් ඖෂධ කරලවේ. සායනික පරීක්ෂණ වලට අනුව Covid19 ආසාදිතයන් දිනකට දෙවරක් මෙම ඖෂධය බාවිතයෙන් රෝගය උත්සන්න වී රෝහල්ගත වීමේ හෝ මරණයේ අවදානම අඩකින් පමණ අඩු කරයි. එකසත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ මෙම ප්‍රතිකාරය වඩාත් දුර්වල හා ප්‍රතිශක්තිකරණය අඩු අයට මරණයේ අවධානම අඩු කරන අස්වැසිල්ලක්…

Read More

සාගරයේ දැවැන්තයා…

ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නෞකාව වන ‘Ever Ace’ සිය මංගල ගමන්වාරය අතරතුර පළමු වරට අද ( ඔක්තෝබර් 06) කොළඹ වරායට සේන්දුවිය. තායිවානයේ නැව් සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් සතු වන ‘Ever Ace’ ඔවුන් සැලසුම් කරන ලද සුපිරි බහාලුම් යාත්‍රා 12 ක පළමු යාත්‍රාවයි. මෙම දැවැන්ත නෞකාව මීටර් 400 ක් දිග හා මීටර් 61.5m පළල වන අතර බහාලුම් 23,992 ක් රැගෙන යාහැක. කොරියානු නැව් අංගනය වන Samsung Heavy Industries හිදී හ ඉදිකරන ලද මෙම යාත්‍රාව පැනමා ධජය යටතේ ලියාපදිංචි කොට ඇත. කොළඹ වාරයේ මෙහෙයුම් කටයුතුවලින් පසු මලයාසියාවේ Tanjung Pelepas වරාය දක්වා ‘Ever…

Read More

සංගක්කාර MCC යට සමුදෙයි …

2019 වසරේදී එංගලන්තයේ MCC ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර මහතා පත්කෙරුණු අතර පවතින COVID 19 වසංගතය හේතුවෙන් ඔහුගේ නිල කාලය වසර 2 දක්වා දීර්ඝකරන ලදී. 2020 වාර්ෂික මහා සභා රැස්වීමේදී කුමාර් සංගක්කාර මහතා විසින් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනාකරන ලදී. වසර 234 ක MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ කාන්තාවක් සභාපතීත්වයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවිය. වයස අවුරුදු 19 ක් වන ක්ලෙයාර් කොනෝර් 1995 දී දී එංගලන්තයට පිවිසි අතර 2000 දී එංගලන්ත කාන්තා කණ්ඩයමේ නායකත්වය භාර ගත් අතර වසරකට පසු ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය…

Read More

අරුම පුදුම සහකාරිය…

ජීවන සහකාරියක් සොයාගැනීමේදී   සලකනු ලබන  නිර්ණායක එක් එක් පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස් වන අතර හොඳ පෙනුමක්, පොහොසත් වීම,බුධිමත් බව ,රසවත්ව ආහාර පිසීමට හැකිවීම ආදී නිර්ණායක සමාජයේ බොහෝ දෙනා සලකාබලයි. ඉන්දුනීසියානු තරුණයකු  මේ  සියළුම ආදර සම්මුතීන් නොසලකා හරිමින් ඔහුගේ Rice Cooker  එක සමග විවාහ වන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමෙන්  පළකිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයේ කතාබහට ලක්විය. මනාලිය(Rice Cooker) මංගල ඇඳුමින් සැරසී සිටි අයුරු දැක්වෙන ඡායාරූපය කාගේත් කතාබහට ලක්විය. Rice Cooker ය සත්‍ය මනාලියක් ලෙස පෙනෙන පරිදි මනාලියන් පළදින හිස්  වැස්ම පැළඳ සිටි අතර තවත්  ඡායාරූපයක දැක්වෙන්නේ එම පුද්ගලයා…

Read More