ඕමානයට පහසු ජයක්

7වන 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක දිනයේදී වැඩි ගෞරව අත්පත් කරගැනීමට සත්කාරක ඕමාන් කණ්ඩායමත්, ස්කොට්ලන්ත කණ්ඩායමත් සමත්විය. ප්‍රථම තරගය ඕමානය හා පැපුවා නිව්ගිනියාව අතර පැවැත්විණි. එහිදී කදුළු 10ක පහසු ජයක් වාර්තාකිරීමට ඕමාන් කණ්ඩායම සමත්විය කාසිය වාසිය දිනු ඕමාන් නායක Zeeshan Maqsood පළමුව පන්දුවට පහරදීමට පැපුවා නිව්ගිනියාවට ආරාධනා කල අතර ඊට පිළිතුරු ලෙස සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් වාර්තා කරනලදී. විශිෂ්ට පිතිකරණයක් නිරතවූ නායක Assad Vala පන්දු 43කදී ලකුණු 56ක් ලබාගනිමින් 2021 20-20 ලෝක කුසලාන තරගමාලාවේ ප්‍රථම අර්ධ ශතකය තමන් ඉදිරියේ සනිටුවහන් කරගන්නාලදී. Charles Amini පන්දු 26…

7වන ICC 20-20 ලෝක කුසලානය ආරම්භවේ

රටවල් 16ක සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීර් හා ඕමානයේ සත්කාරකත්වයෙන් 7 වන 20-20 ලෝකකුසලනය අදින් ආරම්භවේ. දින 29ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා තරග 45ක් ඇතුලත්වේ. සමාරම්භක තරගය සත්කාරක ඕමානය හා ලෝක කුසලානයේ කෝඩුකාරයින් වන පැපුවා නිව්ගිනියාව අතර පැවැත්වේ.ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයන් තරග වදින අතර එහිදී කණ්ඩායම ඔක්තෝබර් මස 18 වැනිදා නැමීබියාවට එරෙහිවත් ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසුව සුපිරි 12දෙනාගේ වටයට තේරේම සදහා ඉහත තරග 3න් 2ක් ජයග්‍රහනය් කිරීම අනිවාර්යවේ. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’…

දෙවන පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී.

ICC 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අබුඩාබිහිදී පැවැති 2 වන පුහුණු තරගය පැපුවා නිව්ගිනියාවට එරෙහිව පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. කාසියේ වාසිය දිනු නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 162ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 76 ක් ලබාගෙන නැවත ලකුණු අතරට පැමිණි අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 37 කදී ලකුණු 61 ක් රැස් කරනලදී. ඒ අනුව පපුවා නිව්ගිනියාව පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් රැස් කළේය. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු…

LPL දෙසැම්බර් 5 ආරම්භවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 5 දා පැවැත්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය පසුගිය වසරේ අවසන් තරඟකරුවන් වූ Galle Gladiators හා Jaffna Kings අතර වන අතර අවසන් තරගය දෙසැම්බර් 23 දා හම්බන්තොටදී පැවැත්වේ.මූලික වටයේ පැවැත්වෙන තරග 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේ තරග වලින් අනතුරුව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ඇතුළු knock – out තරග වටයේ තරග හතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.දෙසැම්බර්…

පළමු පුහුණු තරගයේ කඩුලු 4ක ජයක්

එක්සත් අරාබි එමීර් හිදී බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු පුහුණු තරගයේ ජය කඩුලු 4කින් ජය ගනිමින් හොද ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගත් අතර සෞම්‍ය සර්කාර් පන්දු 26 කදී ලකුණු 34 ක් රැස් කළේය. ඔහු හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු 16 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර පන්දුවාර 4 ලකුණු 27 කට සීමාකර ප්‍රතිවාදී කඩුලු 3 ක් ද බිඳ හෙළුවේය. අවසන් තරග කීපයේදීම දැඩි ප්‍රගතියක් පෙන්නුම්…

ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පුහුණු තරගය අද

එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරග අදින් ආරම්භ වන අතර ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය අද(12) පස්වරු 7.30 ට අබුඩාබිහිදී ආරම්භවේ. අද පැවැත්වෙන අනෙකුත් පුහුණු තරග Namibia vs Oman ප .ව 3.30ට ඩුබායි හිදී Ireland vs Papua New Guinea ප ව 7.30ට Tolerance Oval හිදී Netherlands vs Scotland ප ව 7.30ට ඩුබායි හිදී

ICC T20 ලෝක කුසලාන කණ්ඩායම් – ශ්‍රී ලංකාව

එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නම්කරනලදී. කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර උප නායකත්වය ධනංජය සිල්වාට හිමිව ඇත. 20/20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දසුන් ශානක – නායක ධනංජය ද සිල්වා – උප නායක කුසල් ජනිත් පෙරේරා දිනේෂ් චන්දිමාල් පැතුම් නිශ්ශංක චරිත් අසලංක අවිශ්ක ප්‍රනාන්දු භානුක රාජපක්ෂ චාමික කරුණාරත්න වනිඳු හසරංග දුෂ්මන්ත චමීර ළහිරු කුමාර මහේෂ් තීක්ෂණ අකිල ධනංජය බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව ලෝක කුසලාන සටන අරඹන අතර…

භානුක – චාමික ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට සත්කාරක ඕමාන කණ්ඩායමට ආරාධනා කරනලදී. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී 159 ක් ලබාගනිමින් ලකුණු 160ක තරගකාරී ලකුණු පුවරුවක් ලබාදෙන ලදී. ඕමාන කණ්ඩායම වෙනුවෙන් අකිබ් ඉල්යාස් ලකුණු 59ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් රැස් කිරීමට සමත්විය. පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2ක බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු,…

පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ඕමාන කණ්ඩායමේ නායක සීෂාන් මක්සූද් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය. පන්දුවාර 10.4 කදී ලකුණු 51කට කඩුලු 4ක් බිදවැටී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු ස්ථානයක සිටියදී අවිශ්ක ප්‍රනාන්දු හා එක්වූ නායක දසුන් ශානක පන්දු 24කදී ලබාගත් වේගවත් ලකුණු 51 ත් ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු…

ඕමානයට එරෙහි ප්‍රථම සටන අද

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දිවයිනින් පිටත්වගිය ශ්‍රීලංකා කණ්ඩායම පුහුණු තරග 2ක් සදහා ඕමාන් පිල හා තරගවදින අතර ඉන් පළමු තරගය අද (07 වැනිදා) දිනයේදී සත්කාරක ඕමාන් පිල මුණ ගැසෙනු ඇත. ඕමාන් ක්‍රිකට් පුහුණු විද්‍යාතයන පිටියේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ. මෙය ශ්‍රීලංකා කණ්ඩායමක් ඕමානය හා ගැටෙන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගතවේ. දෙවන තරගය ඔක්තෝබර් 08 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 8.00 ට ආරම්භ වේ. මෙම පුහුණු තරග දෙක 20-20 ලෝක කුසලානයට හා සුදුසුකම් ලැබීමේ තරගාවලියට මනා පිටිවහලක්…