Aishwarya

ආයිශ්වර්යා රෝහල් ගත කරයි

Covid-19 ආසාදිත බවට පසුගිය ඉරිදා(ජූලි 12) හඳුනා ගත් ජනප්‍රිය බොලිවුඩ් නිලි, 46 හැවිරිදි අයිශ්වර්යා රායි බච්චන් හා 8 හැවිරිදි ඇගේ දියණිය ඊයේ දීනයේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් මුම්බායිහි රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අමිතාබ් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට වෛරසය ආසාදනය වූ බවට තහවුරු දිනට පසුදින සිදු කරන ලද PCR පරීක්ෂණ මගින් අයිශ්වර්යා හා දියණියද කොරෝනා ආසාදිතයින් බව හදුනාගත් අතර ස්වයං නිරෝධායනය සදහා යොමුකර තිබුණි.

අමිතාබ් බච්චන්ගේ බිරිද වන ජයා බච්චන් කොරෝනා ආසාදිතයකු බවට වාර්තා නොවන අතර තවදුරටත් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර ඉන්දියාව Covid-19 ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවා ලොව තෙවන වැඩිම ආසාදිතයින් වාර්තාවූ රට බවට පත්වී ඇති අතර 26000 කට වැඩි පිරිසක් මරණයට පත්වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *